Breaking News

වාහන මිල ඇදහිය නොහැකි අන්දමින් අඩුවෙයි - විස්තරේ මෙන්න


එංජින් ධාරිතාව සීසී 150ට අඩු ජපන් මෝටර් බයිසිකල් සඳහා වන ආනයනික බදු මුදල සියයට 90 කින් පහත දැමීමට රජය තීරණය කර තිබේ.ඒ අනුව අද(17) මධ්‍යම රාත්‍රියේ සිට මෙම අගයන් අඩු බව අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේය.
ඒ අනුව එංජින් ධාරිතාව අනුව මිල ගණන් නියම කරන අනුව ඉදිරියේ දී රුපියල් 50,000 සිට ලක්ෂය දක්වා යතුරුපැදි මිල ගණන් පහළ යන බව ද අමාත්‍යවරයා කියා සිටියේය. මීට අමතරව කුඩා ලොරි රථ හා සින්ගල් කැබ්රථ සඳහා පවතින බදු මුදල් රුපියල් ලක්ෂ 3කින් පහත දැමූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.ඒ අනුව කුඩා ලොරි රථ හා සින්ගල් කැබ්රථ සඳහා දැනට රුපියල් ලක්ෂ 10ක් ලෙස පැවති නිෂ්පාදිත බදු මුදල අද දින අත්සන් තබන ලද ගැසට් නිවේදනය අනුව රුපියල් ලක්ෂ 3 කින් අඩුවන බවත් ඒ අනුව එම වාහන සඳහා තිබු බදු මුදල රුපියල් ලක්ෂ 7 ක් පමණ වන බවත් අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් ජපන් යතුරුපැදි සඳහා පමණක් මෙසේ බදු අඩුවන බවයි වාර්තාවන්නේ.මේ අතර අන්තර්ජාල සේවා සඳහා පනවා ඇති බදු 10%කින් අඩු කිරීමටද පියවර ගැණුනු අතර,අන්තර්ජාල සේවා සපයන්නන් විසින් 10%ක අමතර ඩෙටා ප්‍රමාණයක් ලබාදීමට එකඟතාව පළකොට ඇති බවද වාර්තාවනවා.