Breaking News

බස් රථයේදී හමුවුනු තරුණයකු සමග මිතුරු වී වරකාපොල රූම් එකකට ගිය කාන්තාවට උනු දේ මෙන්න


බස් රථයකදී හමුවුනු 31 හැවිරිදි පුද්ගලයකු සමග ලැගුම් හලකට ගිය 49 හැවිරිදි කාන්තාවකට නොසිතු අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවුනු පුවතක් වාර්තා වනවා.

කොළඹ පෞද්ගලික ආයතනයක සේවය කරන කාන්තාව අනුරාධපුර තම නිවස බලා යාමට බස් රථයට ගොඩ වී සිට තිබෙනවා.පසුව එම අසුනේ වාඩි වූ තරුණයෙකු ඇය සමග හිතවත් වී ඇති අතර දෙදෙනා බොහෝ තොරතුරු කතා බහ කර තිබෙනවා.

එහිදී තමන් විදේශ රැකියා සොයාදෙන ආයතනයක රැකියාව කරන බවත් අවශ්‍යනම් රුපියල් ලක්ෂ එකහමාරක පමණ මාසික වැටුපකට විදේශ රැකියාවක් සොයා දිය හැකි බවත් ඔහු කාන්තාවට පවසා තිබෙනවා.

පසුව දෙදෙනා දුරකථන අංක හුවමාරුකරගෙන පිටව ගොස් ඇති අතර දිනක් තරුණයා මෙම කාන්තාවට දුරකථනයෙන් අමතා විදේශ රැකියාව පිලිබදව කතා කිරීමට පැමිනෙන ලෙස දන්වා ඇත.

වරකාපොලට ගෙන්වාගත් කාන්තාවට තරුණයා යෝජනා කර ඇත්තේ ලැගුම්හලකට ගොස් නිදහසේ මේ පිලිබදව කතා බහ කිරීමටය. 

අනතුරුව නගරයේ ලැගුම් හලකට දෙදෙනා ගොස් ඇය පිරිසිදු වීම සඳහා නාන කාමරයට ගොස් ඇත්තේ තරුණයා කාමරයේ සිටියදීයි.

මෙම කාන්තාව නාන කාමරයෙන් පැමිනි පසු මොහු හදිසියේම ඒ.ටී.එම් යන්ත්‍රයකින් මුදල් ගැනීමට ඇති බව පවසා හෝටලයෙන් පිටවගොස් ඇති අතර බොහෝ වේලාවක් යනතුරුත් පැමින තිබුනේ නෑ.

පසුව තරුණයාගේ නොපැමිනීම පිලිබදව සැක සිතී කාන්තාව පරීක්ෂා කිරීමේදී ඇගේ අත් බෑගයේ තිබු රුපියල් 51,000ක් වටිනා රන් අත් පළඳනාව අතුරුදහන්ව ඇති බව දැනගෙන ඇත.


ඒ අවස්තාවේ ඇය අතේ පැලදි රන් මුදුව හෝටලයේ තබා හෝටලෙයෙන් පිටවී පොලිසියට ගොස් සිද්ධිය පිලිබදව පැමිනිලි කර ඇත.

පසුව පොලිසිය විසින් කියු ආකාරයට කාන්තාව වෙනත් සිම් පතකින් තරුණයාට වෙනත් කාන්තාවක් සේ කතා කර පොල්ගහවෙල නගරයට ගෙන්වාගෙන ඇති අතර පොලිසිය විසින් එහිදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් 31 හැවිරිදි පුද්ගලයා තිදරු පියෙක් වන අතර සිද්ධියට මුහුණ පෑ කාන්තාව ඒ වන විට 49 වෙනි පසුවුනු කාන්තාවක් විය.