Breaking News

2020 ජනාධිපති අපේක්ෂක වෙන කවුරුත් නෙවෙයි මමයි – මදුෂා රාමසිංහ කියන කතාව මෙන්න


2020 ජනපතිවරණ සටන දැනටමත් ඇරඹිලා. ප්‍රධාන පක්ෂ වල ජනපති අපේක්ෂයන් කවුරුන්දැයි තවමත් පැහැදිලි නැතත් වෙනත් විකල්ප අපේක්ෂකයන් දැනටමත් කරළියට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ණය එක දිනකින් ගෙවා අවසන් කිරීමට පොරොන්දූ වූ  , ටයිම්ස් සගරාව වැනි ලෝක මාධ්‍ය පවා පසුපසින් සිටිනවායැයි කියන , ජපාන අගමැතිගේ ලගම හිතවතෙක් යැයි කියූ රොහාන් පල්ලේවත්ත පිළිබදව මේ දිනවල කතාබහක් ඇතිව තිබෙනවා.
කෙසේ වෙතත් ජනපතිවරණ සටන මෙසේ උණුසුම් වෙද්දි තවත් අපේක්ෂිකාවක් කරළියට පැමිණ තිබෙනවා.
තමන් හට ශ්‍රී ලංකා දේශපාලනයේ පතාක යෝදයන් වන රාජපක්ෂවරුන් සමග මෙන්ම ජයවර්ධනලාගේ සහ වික්‍රමසිංහලාගේත් නෑකමක් තිබෙන බව ඇය සදහන් කරනවා.
2020 ජනපතිණිය වීමට රාජාධිරාජ රාජ ගම්භීර රැජින යෝගයද ඇය සතු බව පවසනවා.
2020 ජනාධිපති අපේක්ෂක වෙන කවුරුත් නෙවෙයි .. මම
මම තුන්ලෝකෙටම බලවත් පුද්ගලයන් සියල්ලන්ම හොදින්ම හදුනවා.. රාජපක්ෂවරුන් වගේම ජයවර්ධන ලගෙ පැත්තෙන් වික්‍රමසිංහලගෙත් නෑ කම් තියෙනව.. සිරිසේන මහත්තයාටත් ලගම හිතවත්.. දිසානායක මගෙ ආදරේ .. සිරිසේන මහත්තයාගෙ වික්‍රමසිංහ මහත්තයගෙ සීනු සහෝදරවරුන්ගෙ ඒ විතරක්ද මහින්ද මහත්තයගෙ කණ්ඩායම් මට මාර ආදරෙයි.. නිදි වරාගෙන උදේ හවස මම ගැනමයි ලියන්නෙ.. 2020 ජනාධිපති අපේක්ෂකයා වෙන කවුරුත් නෙවෙයි මම.. ලංකාවෙම ණය එක රැයින් ගෙවනවා නෙවෙයි.. මුලු ලංකාවෙම ඉන්න බුද්ධිමත්ම මිනිස්සුන්ව දුකින් මුදවන බවට පොරොන්දු වෙනවා.. මට තුන්ලෝකාග්‍ර බලවතුන් සියල්ලන්ගෙම ආශිර්වාදය තියෙනවා.. රාජාධිරාජ රාජ ගම්භීර රැජින යෝගය සතු එකම කේන්ද්‍රයේ හිමිකාරි මමයි..මම ලංකාවෙ රැජින වෙනවා කියලාකේන්දර බලපු අය කිව්වා.. එහෙනම් හරිනෙ.. මට චන්දෙ දෙන්න ලෑස්ති වෙලා ඉන්න .. මධූෂා රාමසිංහ – ලක්මවට හඩක්.. 
එම සටහන පහතින්..

Share කර මිතුරන්වද දැනුවත් කරන්න..