Breaking News

බාලවයස්කාර පෙම්වතියට දවස් දෙකක් තිස්සේ කරපුවා මෙන්න


බාල වයස්කාර පහළොස් වියැති දැරියක් ලිංගිකව අපයෝජනය කල දාහත් හැවිරිදි තරුණයකු පිළිබද පුවතක් නොච්චියාගම ප්‍රදේශ‍යෙන් වාර්තා වෙනවා
තම දියණිය නිවසේ නොමැති බවට දැරියගේ මව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සිදු කල පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වූයේ දැරිය එම ප්‍රදේශයේම පදිංචි තරුණයකු සමග ප්‍රේම සම්බන්දයක් ඇති කරගෙන තම පෙම්වතා සමග නිවස හැර ගොස් ඇති බවයි
දින දෙකකට පසු දැරිය ඇයගේ නිවසට ආපසු භාර දීම සදහා ඇය රැගෙන පෙම්වතා පැමිණ තිබෙන අතර මේ පිලිබදව පොලිසියට ලැබුන තොරතුරක් මත පොලිසිය එම ස්ථානයට ගොස් බාල වයස්කාර පෙම්යුවල අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර දැරිය හා තරුණයා ට දින දෙකක් නවාතැන් ලබා දුන් විසි දෙහැවිරිදි තරුණියක් දැරිය අපයෝජනය කිරීම සදහා අනුබල දීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත
දැරියගේ පෙම්වතා බව කියන තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.