Breaking News

"කුඩු පැකට් එකක් දුන්නොත් සෙක්ස් කරනවා" සම්පූර්න කතාව මෙන්න


තමාට හෙරොයින් පානය කිරීමට පැකට්ටුවක් ලබාදෙන ඕනෑම තරුණයෙකුට අඹු සැමියන් ලෙස හැසිරීමට අවස්ථාව ලබාදෙන කියන 23 හැවිරිදි රූමත් තරුණියක් පොළොන්නරුව දිසා දූෂණ මර්දන අංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දීර්ඝ කාලයක් තිස්සේ හෙරොයින් පානය කිරීමට ඇබ්බැහි වී සිටි මෙම තරුණිය හෙරොයින් ග්‍රෑම් පහකට ආසන්න ප්‍රමාණයක් සමග පොළොන්නරුව දිසා දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව පෙරේදා (01) සවස මොවුන් අත්අඩංගුවට ගත්තා.
ඇය සමගින් හෙරොයින් ජාවාරමේ යෙදුණු ඇගේ සැමියා සහ සහෝදරයාද පසුව අත්අඩංගුවට ගනු ලැබුවා.
පොලීසියට මොවුන් පිළිබඳ තොරතුරක් ලැබී තිබූ අතර පසුව උපාය දූතයෙකු ලවා පොලීසිය විසින් මෙම වැටලීම සිදුකොට තිබුණා.අත්අඩංගුවට පත්වන අවස්ථාවේ මොවනු සතුව හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 560 ප්‍රමාණයක් සතුව තිබුණා.
අදාළ සැමියා සහ සහෝදරයා විසින් කොළඹ ප්‍රදේශයට පැමිණ රුපියල් 500 පමණ මිලට ගන්නා හෙරෙයින් පැකට්ටුවක් ගැනුම්කරුවන්ට 2500 වැනි මුදලකට විකුණා ඇති බවයි පැවසෙන්නේ.

ඇය ගැණුම්කරුවන්ගේ දුරකථන ඇමතුම්වලට අනුව කාන්තා යතුරු පැදියෙන්
ගොස් හෙරොයින් අලෙවි කරන බවත් ඇයට හෙරොයින් පානය කිරීමට පැකට්ටුවක් ලබාදෙන ඕනෑම තරුණයෙකුට ඇය සමග අඹු සැමියන් ලෙස හැසිරීමට අවස්ථාව ලබාදෙන බවද පොලිසියට අනාවරණ වී තිබෙනවා .මෙම තරුණිය මීට පෙර ගුවන් හමුදා සෙබෙළෙකු සමග විවාහ වී සිටි බවද සඳහන් .
අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.