Breaking News

පුතාගේ උසස් පෙළ පෙම්වතිය සමග 42 හැවරදි පියා කැලේට ගිහින් කරපුවා මෙන්න


තම විසි හැවිරිදි පුතුගේ දහනව හැවිරිදි පාසල් පෙම්වතිය සමඟ පෙම් සුව විඳිමින් සිටි හතළිස් දෙහැවිරිදි තිදරු පියකු පල්ලේබැද්ද සුදුගල ප්‍රදේශයේදී තම භාරයට ගත් බව ගොඩකවෙල පොලිසිය පවසනවා
මැදි වයසේ පුද්ගලයකු සමඟ පාසල් වයසේ දැරියක් පල්ලේබැද්ද සුදුගල ප්‍රදේශයේ රක්වාන ගඟ රක්‍ෂිතයේ පෙම්වතුන් ලෙස හැසිරෙමින් සිටිනු දුටු ප්‍රදේශවාසීන් ඒ සම්බන්ධව පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා තිබෙනවා
එම තොරතුරු තමන්ට දැනුම් දීමෙන් පසුව එම යුවළ තම භාරයට ගත් බවයි පොලිසිය පවසන්නේ
පොලිස් භාරයට ගැනීමට පෙර ප්‍රදේශවාසීන්ට දැරිය පවසා ඇත්තේ මැදි වියේ පුද්ගලයා තමාගේ පියා බවය. එම පුද්ගලයා පවසා ඇත්තේ දැරිය තමන්ගේ දියණිය බවය. පසුව පරස්පර පිළිතුරු ලබාදීම ගැන සැක සිතූ එම පිරිස 119 අංකයට ඒ බව දන්වා තිබුණා
එම තොරතුරු තමන්ට ලබාදීමෙන් අනතුරුව යුවළ පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීමේදී සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා
එම තිදරු පියා පල්ලේබැද්ද ප්‍රදේශයේ වාහන සෝදන ස්ථානයක සේවය කරන්නෙකි. ඔහු උඩවලව ප්‍රදේශයේ පදිංචි අයකු වන අතර දැරිය සෙවණගල ප්‍රදේශයේ පාසලක අ.පො.ස. උසස් පෙළ පන්තියක ඉගෙනුම ලබන්නියක් බව ද හෙළිව තිබෙනවා
මෙම දහ නව හැවිරිදි දැරිය සැකකරුගේ වැඩිමහල් පුත්‍රයා සමඟ පෙමින් වෙළී සිට ඇති අතර පසුව එම තරුණයා විසින් තරුණිය මඟහැර ගොස් තිබුණා. එලෙස තමා හැර ගියේ තරුණයාගෙන් තමාට ලිංගික අතවර සිදුවූ නිසා බවත් දැරිය පොලිසියට පවසා තිබෙනවා
මෙම සිදුවීම ප්‍රයෝජනයට ගත් සැකකාර පියා එම දැරිය පිළිබඳ ව්‍යාජ කරුණාවක් දක්වා දැරිය උපකාරක පන්තියකට යන අවස්ථාවේ රවටාගෙන මෙම ස්ථානයට රැගෙන යන්නට ඇතැයි පොලිසිය සැක කරයි
පොලිසියට පැමිණ සිටි සැකකරුගේ බිරිය පවසා ඇත්තේ මෑතක සිට තම සැමියා මෙම දැරිය සමඟ ජංගම දුරකතනය ඔස්සේ නිතර කතාබස් කරන බවයි
සැමියාට මේ සම්බන්ධව අවවාද කළ බවත් එදින සේවයට පැමිණෙන බව පවසා දැරිය සමඟ එම ස්ථානයට ගොස් ඇති බවත් ඇය පවසා තිබෙනවා.