Breaking News

තරුණියන් නාන හැටි බලන්න ඩ්‍රෝන කැමරාවක් යැවු වෙන්නප්පුවේ පුද්ගලයට වෙච්ච දේ මෙන්න


තමන් නාන අවස්තාවේ තමන්ට ඉහලින් ඩ්‍රෝන කැමරාවක් යැවීම සම්බන්ධයෙන් කාන්තාවක් විසින් වෙන්නප්පුව පොලිසියට පැමිනිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

පසුව වෙන්නප්පුව පොලිසය විසින් අදාල පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඩ්‍රෝන කැමරාවද සිය බාරයට ගෙන තිබෙනවා. 


තම නිවස පිටුපස වටේට පමනක් ආවරණය කර ඇති නාන ස්ථානයේ රෙදි සෝදමින් සිටින අවස්ථාවල හා ස්නානය කරන අවස්තාවල අදාල පුද්ගලයා විසින් මෙසේ ඩ්‍රෝන කැමරාවක් ඉහලින් යවා පට්ගතකර ඇති බවට මෙම කාන්තාව පැමිනිලි කර ඇත.

පොලිසිය විසින් මෙම ඩ්‍රෝන යානය අත්අඩංගුවටගත් අවස්ථාවේ එහි කැමරාවක් තිබී නැති අතර වැඩිදුර පරීක්ෂන සදහා එය තාක්ෂනික නිළධාරීන් වෙත බාර දී ඇත.

අත්අඩංගුවටගත් සැකකරු ඇප මත නිදහස් කර ඇති අතර වෙන්නප්පුව පොලිසිය සිද්ධිය පිලිබදව වැඩිදුර පරීක්ෂන පවත්වයි.