Breaking News

ලංකාවේ සරාගී කෙල්ලන් සුඛෝපබෝගී වාහන ඇතුලේ ගවයන් එක්ක කරන අලුත්ම සෙල්ලම මෙන්න


සුඛෝපභෝගී වාහනවල ඉදිරිපස ආසනයේ සුරූපී ළඳුන් වාඩි කරවාගෙන පිටුපස අමානුෂික ලෙස හරකුන් සිරකර රැගෙන යෑමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි.
කළුතර දිස්ත්‍රික්කයේ පොලීස් ස්ථාන කීපයකටම ලද තොරතුරු අනුව මෙම අලුත්ම තාලයට හරකුන් හොරෙන් රැගෙන යන්නන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ අරඹා ඇත.
සුපිරි වාහනවලින් රාත්‍රී කාලයේදී ගවයන් රැගෙන ගිය අවස්ථා කීපයක්ද බදුරලිය, වැලිපැන්න පොලීසිය මඟීන් අනාවරණය කරගෙන සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.
බදුරලිය, පාලින්දනුවර, මෝල්කාව, බුලත්සිංහල, වලල්ලාවිට ආදී ප්‍රදේශවලට දහවල් කාලයේ පැමිණෙන ජාවාරම්කරුවෝ මහා මාර්ග අයිනේ නිවෙස්වල සිටින ගවයන් රැගෙන යෑම කරන බව පොලීසිය කියයි.
බේරුවල, දර්ගානගරය හා අලුත්ගම ප්‍රදේශවලට මේ ආකාරයට නවීන වාහනවලින් හරකුන් රැගෙන යමින් සිටි පුද්ගලයින් අවස්ථා කීපයකදීම පොලීසිය අත්අඩංගුවට ගත්තද හොර හරක් ජාවාරම නතර වී නැතැයි ගොවීහු කියති.