Breaking News

මියුසික් වීඩියෝ වල වෙන දේ ගැන ටීනා කියන දේ මෙන්න


ටීනා ශනෙල් කියන්නේ ලංකාවේ හිට් එකේ ඉන්න මොඩ්ල් කෙනෙක්නෙ. මියුසික් වීඩියෝවලත් ගොඩක් හිට් වෙච්ච එයා ආපහු සිංදුවල රඟපාන්නේ නෑ කියලා තමයි ආරංචි වෙන්නේ. ඒ අතරතුර මියුසික් වීඩියෝ ඩිරෙක්ටර්ස්ලගේ ගේම් ගැන කතා වුණා.
ඉතිං ටීනා කාලෙකට පස්සේ ?
හොඳින් ඉන්නවා. චිත්‍රපට තුනකට කතා කළා.දෙකකට කැමැත්ත දුන්නා.
එහෙම කැමැත්ත දෙන්න බලන දේවලුත් ඇති ?
හොඳ අධ්‍යක්‍ෂකවරයෙක් නම්, හොඳ චරිතයක් නම් කැමති වෙනවා.



මුලින්ම රඟපාපු ෆිල්ම් එකත් ළඟ ළඟ එනවලු නේද ?
ඔව්, ප්‍රසන්න කොළඹගේ අයියා අධ්‍යෂණය කරන “දේදුනු ආකාසේ” ඔක්තෝම්බර් මාසයේ එනවා. මමත්, චුලක්ෂිත් ප්‍රසන්න අයියටත්, රංග අයියටත් ඩොනල්ඩ් අයියටත් ස්තූතිවන්ත වෙනවා.
ටීනා ෆිල්ම් එක එන්නත් කලින් මියුසික් වීඩියෝ නැවැත්තුවේ ඇයි?
මම හිතුවා දැන් ඒවාවල රඟපෑවා ඇති කියලා. කවුරුහරි ඇවිත් එයාලගේ වැඩේ ගොඩදාගන්න අපිව ගන්නවා.
ඉතිං ක්‍ෂේත්‍රය ගැන කලකිරිලද ?
අද හදන මියුසික් වීඩියෝවලින් අපේ නමට කැළලක් වෙනවා.
කැළැල් කරන අධ්‍යක්‍ෂකවරු මේක හිතලම කරනවද ?
ඔව්. ස්ක්‍රිප්ට් එකක්වත් අතේ නැතිව ඒ ගොල්ලෝ කතා කරනවා. ගියාට පස්සේ එයාලා කියපු දේවල් නෑ. එක්කෝ කිස් කරන සීන් එකක්. නැත්තනම් අඩ නිරුවත් කොටසක් කරන්න කියනවා.
ඒ කියන්නේ තත්ත්වේ බරපතලයි නේද ?
ඔය වගේ වැඩ කරපුවහම ගෑනු ළමයෙක්ට කසාදයක්වත් බැඳගන්න බැරි වෙනවා. අද මියුසික් වීඩියෝවල රඟපාන එක ෆෑන්ස්ලා වැඩි කරගන්න කෙනෙක්ට නම් හොඳයි.
ටීනාට ෆෑන්ස්ලා ගොඩක් ඉන්නවද ?
මට ගොඩක් ඉන්නේ පිරිමි ෆෑන්ස්ලා. කෙල්ලෙක් කෙල්ලෙක්ට කැමති වෙන්නේ කවදද ?
ෆෑන්ස්ලගෙන් කරදර එහෙම වෙලා නැද්ද ?
මම වැඩිපුර එෆ්.බී චැට් කරන්නේ නෑ. බෝයි ෆ්‍රෙන්ඩ් ඒවා බලාගන්නවා.
බෝයි ෆ්‍රෙන්ඩ් ඔයාගේ වැඩ ගොඩදාගන්න උදවු කරනවත් ඇති ?
මම මගේ වැඩ කර ගන්නවා. එයත් හොයලා බලන්නේ නැතිව නෙවෙයි.
දැන් නිරූපන පැත්තේ වෙන වැඩ අඩුයි නේද ?
ඒක ඇත්ත. මමත් කවදත් ආසා මොඩ්ල්වලට. අලුතින් ආපු අය එතැන නැති කරලා.
ඔය අතරේ ටීනා අලුත් නැටුමකට සැරසෙනවා කියලා ආරංචි ?
මම කවදත් නැටුම් කළා. ළඟදීම අලුත් ෂෝ එකකින් එනවා. ඒ වගේම ප්‍රියන්ත අයියගේ වැඩෙන් පස්සේ මට ගොඩක් තැන්වල දොරවල් ඇරෙයි.