Breaking News

වැරදි වැටහීම නිසා නාවික පෙම්වතා සුරූපි පෙම්වතියට කළ අපරාධය (ඡායාරූප සහිතයි)


ආදරේ මායාවක්.ආදරේ කියන්නෙ පුද දෙන දෙයක් මිසක් ලබාගන්න දෙයක් නෙමෙයි.ආදර් සහ ආශාව කියන දෙක පටලවගෙන ජීවිත කරදරේ දා ගන්න තරුණ තරුණියන් ඕන තරම් අද සමාජයේ දකින්නට ලැබෙනවා
මේ කියන්න යන්නෙත් ආදරේ වගේම සැකය නිසා වුනු තවත් අවසනාවන්ත සිදුවීමක් ගැනයි
තම සුරූපී පෙම්වතිය වෙඩිතබා ඝාතනය කළ නාවික හමුදා පෙම්වතා වෙඩිතබාගෙන සියදිවි හානිකරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා
අදාළ සිදුවීම වාර්තා වන්නේ ඇමෙරිකාවේ Columbus ප්‍රදේශයෙන්
මෙලෙස වෙඩි තබාගෙන මියගොස් ඇත්තේ නාවික හමුදාවේ න්‍යෂ්ටික ඉංජිනේරුවරයෙක් බවටයි වාර්තා වන්නවා
ඇයගේ පෙම්වතිය මනෝවෛද්‍ය සිසුවියක් බවටයි වාර්තා වන්නේ
මොවුන් අතර කලක පටන් ආරවුලක් පැවති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ
පසුව ඔවුන් දින කිහිපයක් Columbus ප්‍රදේශයේ පිහිටි මෙම නිවාස සංකීර්ණයේ රැඳී සිට තිබෙනවා
ඒ අනුව පසුගිය දා එම සිසුවියගේ යෙහෙලියක් එම නිවසට ගොස් ඇත්තේ තම මිතුරිය මුනගැසීමටයි
එහිදීයි ඔවුන් මෙලෙස මියගොස් සිටිනු දැක ආරක්ෂක අංශ දැනුවත් කර ඇත්තේ
එහිදී සිදුකළ විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ අදාල තරුණයා විසින් ඔහුගේ පෙම්වතියට වෙඩිතබා ඝාතනය කර අනතුරුව ඔහුද වෙඩි තබාගෙන ඇති බවයි.