Breaking News

සිප ගැනීමක් මගින් ඔබේ ශරීරයට සිදුවෙන දේවල් ඇසුවොත් ඔබ පුදුම වේවී


සිප ගැනීමක් කියන්නේ යුවළක් අතර සාමාන්‍ය හා සුන්දර දෙයක්. සිප ගැනීමකින් ලැබෙන සෞඛ්‍යමය වාසිද බොහෝබවයි පරීක්ෂණවලින් හෙළිවී තිබෙන්නේ.


මෙම ලිපියෙන් කියවෙන්නේ සිපගැනීමක් මගින් ලැබෙන වාසි කිහිපයක් පිළිබඳවයි.


1. එක් සිප ගැනීමකදී මුහුණේ මාංශ පේෂීන් 30 කට වඩා ක්‍රියාකාරී වෙනවා

මේ නිසා රුධිර සංසරණය ක්‍රමවත් වෙනවා. ඔබේ මුහුණේ සම එල්ලා වැටෙන එක මේ නිසා වැළකෙනවා. ඇත්තටම සිපගැනීමක් කියන්නේ මුහුණට ලබාදෙන හොඳ සම්භාහනයකටත් වඩා තුන් ගුණයකටත් වඩා හොඳ දෙයක්. හැමදාමත් තරුණ වෙලා ඉන්න කැමති කාන්තාවන්ට නම් සිප ගැනීමක් කියන්නේ විශේෂ දෙයක්.

2. විනාඩි දෙකක සිපගැනීමක් කැලරි 6 ක් දහනය කරනවා

කෙට්ටු වෙන්න කැමති කාන්තාවන්ට මේක හොද ආරංචියක්. ඒ වගේම තමයි සිපගැනීම් නිසා අපේ පරිවෘත්තීය ක්‍රියාවලිය ක්‍රමවත් වෙනවා. එය කාන්තාවන් මහත් වීම පාලනය කරනවා.

3. නින්ද පිළිබද ගැටළු තියෙන කාන්තාවන්ට සහනයක් ගෙන දෙනවා

සිප ගැනීම් කාන්තාවන්ගේ මානසික ගැටළු පාලනය කරමින් ඔවුන්ට තිබෙන නිදා ගැනීමේ අපහසුතාවයන්ට සහනය ලබා දෙනවා.

4. ඔබ ජිවත් වෙන කාලය වැඩි කරනවා

සිප ගැනීමක් මානසිකව වගේම කායිකවත් ඔබට උදවු වෙනවා නිරෝගිව වැඩි කාලයක් ජිවත් වෙන්න. ඒ නිසා තමයි කියන්නේ සිපගැනීම් නිසා ඔබේ ආයුෂ වැඩි වෙනවා කියලා.

5. උදෑසන සිදුකරන විනාඩි 2 ක සිපගැනීමක් ඔබව දවසම ප්‍රබෝධයෙන් තියෙනවා

උදේම අපි කරන කියන දේවල් අපේ මුළු දවසෙම වැඩ කටයුතු වලට බලපානවා. මේ නිසා උදෑසන සිප ගැනීමකට පුළුවන් ඔබේ මුළු දවසම සතුටින් ගත කරන්න අවශ්‍ය මානසික හා කායික ශක්තිය ඔබට ලබා දෙන්න.